අනුරාධපුරය, යනු ශ‍්‍රී ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ‍්‍රී
ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලූ මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස
සැලකිය හැකිය.අනුරාධපුර නගරය මේ වන විට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක්
ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. වත්මන් අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. ක‍්‍රිස්තු
පූර්ව 4 වන සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන්
පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල් පවත්නා දේශපාලනික
පාලන තන්ත‍්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. දැනට
වර්ග කිලෝමීටර 40කින් පමණ සමන්විත, විහාරාරාම විශාල ප‍්‍රමාණයකින් වටවුනු
අනුරාධපුර පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලෝකයේ
ප‍්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය
හැක.
ක‍්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස
දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුරය පැවතුනි. මෙම මුළු කාලය තුල
දකුණු ආසියාවේ දේශපාලන බලය හා නාගරික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ වඩාත් ස්ථාවරව හා
කල්පැවතුනු මධ්‍යස්ථානය ලෙස සැලකිනි. හතරැස් සැතපුම් 16 ක් පුරා පැතිරුණු නගරයකි.
ඓතිහාසික
මූලාශ‍්‍රයන්හි සටහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක‍්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා
පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂී ලැබී ඇතත් ක‍්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු ඇත්තේ මද වශයෙනි.
අනුරාධපුරයේ
වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරයේ පැවති ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයන්
පිළිබද තොරතුරු ලැබී ඇත. ක‍්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප‍්‍රාග්
ඓතිහාසික ලෝහ යුගයේදී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී
වගාවද පැවතුණ බව පෙනී යයි. ක‍්‍රි.පූ 700-600 අතර
කාලෙය් දී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා
වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප‍්‍රධාන වරායයන් අතර උපාය
මාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් ඒ වටකොට පිහිටා තිබුණි.
ආක‍්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස
අවුරා විය.
ක‍්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද
බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප
නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. ”අභය වාපි” හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති
යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ
ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ‍්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන්
උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්‍යාධදේව
උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන
ලදී. වහලූන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන්
උදෙසා ග‍්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන
සරන තවුසන්, ආජීවකයන් සහ බ‍්‍රහ්මණයන් උදෙසා
වාසස්ථාන ගොඩ නඟන ලදී. ග‍්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට
පත් කරමින් ක‍්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී
පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප‍්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට
සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින්
පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය
කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජ පදවිප‍්‍රාප්ත
විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර
වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල්
අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ ”මහාමේඝවන
උද්‍යානය” පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු
රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට
පසු ශ‍්‍රි ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට
පත් එතුමන්ගේ පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක
අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක‍්‍රි.පූ 250
- 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ
ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද
සනිටුහන් කෙරෙන්නේ මෙ සමයෙහිය.
බුදු
දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපී පෙනීමක් ලැබුවාක් මෙන්ම මහා
ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්න තිස්ස රජු විසින් රියන් හතක්
උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු
විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු
නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද
දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු
විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.
මහාවංශය
සඳහන් කරන පරිදි දේවානම්පිය තිස්ස රජතුමා සංඝයා වහන්සේලාගේ උපෝසථ කර්ම සඳහා අවශ්‍ය
වන සීමාමාලක ආදිය නිමකරවා දී ඇත. රජතුමා හා වැසියන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මත
පිහිටා ජීවත් විය යුතු බව එතුමා තදින් විශ්වාස කළේය. බෞද්ධ විහාරාරාම ප‍්‍රසාද
මන්දිර තැනීම ඇරඹීම සඳහා දේවානම්පිය තිස්ස රජතුමා විසින් මහාමේඝ උයනේ සීමා ලකුණු
කර තැබීය.
අනුරපුර නගරය පූජා මධ්‍යස්ථානයක් මෙන්ම පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස ජනප‍්‍රිය
වීම විශාල ජනගහනයක් නගරයේ තිර පදිංචිය සඳහා පෙළඹවීය. එබැවින් වැඩිවෙන ජනගහනය උදෙසා
වාසය සඳහා වූ පහසුකම් වැඩිදියුණු විය. වසභ රජු විසින් උමං ජල මඟ ජාලයක් හරහා ජලය
සැපයෙන පොකුණු සමූහයක් ඉදිකොට නගරයට ජලය සැපයීය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම
සඳහා තිස්ස වැව නුවර වැව සහ අභය වැව
තැනවීය. මල්වතු ඔය හරස් කොට අක්කර 4408 පුරා
නච්චාදුව වැව තැනවීය. නගරයට උයන් ද ලැබුණි. තිසා වැව මත්තෙහි පවතින රන්මසු උයන ඉන්
එකකි. නමුත් එය රජ පවුලෙහි සාමාජිකයන් සඳහා පමණක් වෙන් වුනි.
සෞඛ්‍ය
රැකීම සහ අධ්‍යාපනය යනු පරිපාලන විසින් සැලකිල්ල දැක්වූ අනෙකුත් කාරණා වේ. නුවර
තුල ආරෝග්‍යශාලා බොහොමයක් විය. හතරවන සියවසයෙහි රජ වූ දෙවනි උපතිස්ස රජු අන්ධයින්ට
සහ ආබාධිතයන්ට නිවෙස හා නේවාසිකාගාර ඉදි කළේය. ක‍්‍රි.ව. 337-365 දක්වා රජ කළ මහා වෙදදුරෙක් ලෙස කීර්තියට පත් බුද්ධදාස රජතුමා, සෑම ගම්මාන 10 කටම වෛද්‍යවරයකු පත්
කළේය. ගොවි බිම් වලින් එන ලැබීම් වලින් 10න් කොටසක්
එම වෙදදුරන් ගේ නඩත්තුව සඳහා වෙන් කෙරුණි. සෑම ගමකම රෝගීන් සඳහා වෙදහලක් පිහිටවීය.
සතුන්ට වෙදකම් කිරීම උදෙසා පවා වෛද්‍යවරු පත් කෙරුණි. ක‍්‍රි.ව. 914 සිට 923 දක්වා රජකම් කළ පස්වන කස්සප
රජු අනුරාධපුර දකුණු වාසල්කඩ සමීපයෙහි රෝහලක් ඉදි කළේය. සේන ඇමතියා විසින් දස වන
සත වසෙහි මංගල වීදිය ආසන්නයෙහි රෝහල් ඉදි කළ බව පැවසේ. වෛද්‍ය පහසුකම් ගැන ඉතිහාසය, ක‍්‍රි.පූ. 4 වන සියවස වූ පණ්ඩුකාභය
රජු නගරයේ සනීපාරක්ෂාව සඳහා රෝහලක් ඉදිකිරීම දක්වා දිව යයි. නගරය පිරිසිදුව තබා
ගැනීම විශාල ශ‍්‍රම බලකායකට පවරා තිබුණි.
ක‍්‍රිස්තු
වර්ෂ වල ආරම්භක කාලයේ අනුරාධපුර නගරය එහි උපරිම තලයට පැමිණුනි. වර්ග සැතැප්ම 256ක වපසරියක් වටකොට ඉදි කෙරුනු සැතැප්ම 16
බැගින් දිග දිග බැමි (තාප්ප, එහි
වූ ජනගහනය, අලංකාර දෙවොල්, මහජන මන්දිර හා ගත් කල බැබිලෝනියා
ශිෂ්ඨාචාරයන් එකල සිටි උපරිම තලයට සමව අනුරාධපුරය ද පැවතුනි. පෞරාණික ලෝකයේ තිබූ
වඩාත්ම සංකීර්ණම වාරිමාර්ග පද්ධතිය සහිත වූ මෙම නගරය පිහිටියේ වියලි කලාපය තුල
වුවත් පරිපාලනය විසින් වැව් තනා පෙදෙසම වාරිමං තනන ලදි. මෙම බොහෝ වැව් අද ද පවතී.
මේ වන විට ලොව පවතින පැරණිතම ජලාශ ලෙස මේවා සැලකේ.
දිගින්
දිගටම වූ දකුණු ඉන්දීය ආක‍්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක‍්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක‍්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක‍්‍රි.ව. 1017 දක්වා
ලංකාවේ අගනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණු ඉන්දීය ආක‍්‍රමණයන්ට එරෙහිව
දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක‍්‍රි.ව. 1017 දී චෝල අක‍්‍රමණික හමුදාව අනුරාධපුරය ආක‍්‍රමණය කළ අතර එය අතහැර ඊට
සාපේක්ෂව ආරක්ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරි
සංකීර්ණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන් ම අතහැර අවුරුදු දහසකට
ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන
සියවසේදී බි‍්‍රතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.
අනුරාධපුරයේ
නටබුන් ප‍්‍රධාන ලෙස වර්ග තුනකට බෙදේ, එනම්, දාගැබ්, විහාර මන්දිර සහ පොකුණු ලෙසය. දාගැබ් අඩි කිහිපයක සිට අඩි 1100
පමණ වට ප‍්‍රමාණය දක්වා විහිදෙන ආකාරයෙන් විවිධ ප‍්‍රමාණයෙන්
දක්නට ලැබේ. සමහර දාගැබ් වැසියන් විසිපන්දහකට පමණ විසිය හැකි නගරයක් ඉදිකිරීමට
යෙදවිය හැකි පෙදරේරු වැඩ වලින් යුක්ත වෙයි. ඔසවන ලද ශෛලමය වේදිකා මත හා ගල් කණු මත
කෙර වූ විහාර මන්දිර සෑම දෙසකම දක්නට ලැබේ. මේ අතරින් ක‍්‍රි.පූ. 164 දී දුටු ගැමුණු මහරජතුමා විසින් කරන ලද ලෝවාමහාපාය මහත් පරසිඳුය. සෑම
තැනකම පාහේ විසිර ඇති පොකුණු නෑමට සහ බීමට ජලය සැපයීමට ඉදි කොට තිබේ.
මුහුදුමට්ටමේ සිට අඩි 295ක් උසින් පිහිටි
අනුරාධපුරය මෙරට වැඩිම කාලයක්, වැඩිම රජවරු පිරිසක්
විසින් පාලනය කල රාජධානියයි. ක‍්‍රි.පූ. 437 සිට
ක‍්‍රි .ව. 1029 දක්වා කාලය තුල පණ්ඩුකාභය
රජුගේ සිට 5 වන මිහිඳු දක්වා රජවරුන් සියයකට
අධික ප‍්‍රමාණයක් අනුරාධපුරය සිය රාජධානිය කර පාලනය කර ඇත. අනුරාධපුරය සංචාරය කරන
බෞද්ධයින්ගේ ප‍්‍රධාන අරමුණක් වන්නේ අටමස්ථාන වන්දනා කිරීම. දුරාතීතයේ පටන්
අටමස්ථාන ලෙස හඳුන්වා ඇත්තේ තිස්සාරාමය, කම්මාලකය, ඡන්තාඝර පොකුණ, ශ‍්‍රි මහා බෝධිය, ලෝවාමහාපාය, ලභබත්ගෙය, දාන ශාලාව සහ රුවන්වැලි මහා සෑයයි.
අනුරපුරවරයට
පැමිණෙන අයෙකු යායුතුම ස්ථාන ලෙස මෙම ස්ථාන සදහන් කළ හැකිය.
ශ‍්‍රි
මහා බෝධිය
අභයගිරිය
රුවන්වැලිසෑය
ථූපාරාමය
ලෝවාමහාපාය
ජේතවනාරාමය
මිරිසවැටිය
ලංකාරාමය
ඉසුරුමුණිය
කුට්ටම්
පොකුණ
මඟුල්
උයන
වෙස්සගිරිය
රත්න
ප‍්‍රාසාදය
රජ
මාලිගා
දක්ඛිණ
ස්ථූපය
සේල
චේතිය
නඛා
වෙහෙර
කිරිබත්
වෙහෙර
කුට්ටම්
පොකුණ
සමාධි
පිළිමය
අවුකන
පිළිමය
😄😄😄😄😄😄
ReplyDelete😍
ReplyDelete👍👍👍👍🙏🙏
ReplyDelete