Friday, August 11, 2017

සඳහිරුසෑය

අනුරාධපුරයේ රුවන්වැලිසෑයශ්‍රී මහා බෝධීය ආසන්නයේ දුටුගැමුණු එළාර දෙදෙන මුහුණට මුහුණ මුණ ගැසුණු භූමිය බවට ඉතිහාසයේ සඳහන් වන ප්‍රදේශයේ දී ඉදි කෙරෙන සඳහිරුසෑය සම්පුර්ණ උස අඩි 280 ක් වන අතර විශ්කම්භය අඩි  ක් වේ. වටප්‍රමාණය අඩි 802  ක් වන මෙය ඉදි කිරීමෙන් අනතුරුව ලංකාවේ විශාලත්වයෙන් වැඩි සෑයන් අතර හතරවැනි ස්ථානයට පත්වන චෛත්‍යය වේ.මෙහි කිලෝ 12  ක් වටිනා රනින් කරන ලද පිළිම වහන්සේ නමක්උන්වහන්සේට සෙවණ දෙන රන් බෝධීන් වහන්සේ නමක් මෙන්ම රන් චක්‍රයක් ද ගර්භයේ තැන්පත් කර ඇත.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවපොලිසිය මෙන්ම මෙරට දානපතීන්ගේ උපකාර හා ශ්‍රමදායකත්වය මත මෙම චෛත්‍යය තවමත් ඉදි කෙරෙමින් පවතී. මෙම ස්ථූපය පළලින් අඩි  255 ක් වන අතර උසින් අඩි 279  කි.
අතීතයට ගරු කරමින් රුවන්වැලි මහා සෑයට තරමක් කුඩා  කර ඉදි කරන මෙම සෑයේ විශේෂත්වය වන්නේ විශාලම ශෛලමය කලාගාරය මෙම චෛත්‍යයේ ඉදිවෙන බැවිනි. සෑයේ සලපතල මළුව හා වැලිමළුව අතර ප්‍රකාරයේ සතර දෙසට අඩි 400 ක් බැගින් වු ප්‍රදේශයේ ගලින් නෙලන ලද කැටයම් නිර්මාණය කෙරේ. මෙහි දසපාරමිතා දැක්වෙන ජාතක කතා අවස්ථාබුද්ධ චරිතයේ විවිධ අවස්ථා,බුදුදහමේ විකාශනය,ඉතිහාසයලංකාවේ ශාසන ඉතිහාසය මෙන්ම යුද්ධය අවසන් කිරීම දක්වා වු විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම සෑයේ ධාතූන් වහ‍න්සේ තැන්පත් කිරිම පැරණි චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදු විය.

මෙම සෑය ඉදිකිරීමේදී රුවන්වැලි මහාසෑය ඉදි කරන අවස්ථාවේ නම වරක් එය නැවත නැවත පොළොවට ගිලා බැස්සවීමෙන් සෑයේ ශක්තිමත් බව රඳවා ගන්නට කටයුතු කළාක් මෙන් අඩි 45 ක් පිහිටි ගලේ සිට පොළොව දක්වා ශක්තිමත්ව මෙහි අඩිතාලයම දමාඇත. මේ සඳහා පැරණි ක්‍රමයට අනුව ගඩොල් සකස් කරනු ලබන අතර දවසකට එක ගඩොල බැගින් බඳිමින් මෙය වටා ඉදිකිරිම් කටයුතු සිදු කෙරේ.














No comments:

Post a Comment

popular posts