Friday, June 30, 2017

විල් සහිත බිම

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයට බටහිර දිසාවෙන් කිමී. 30 පමණ දුරින් වන අතර මෙහි සීමාව උතුරු මැද සහ උතුරු නැගෙනහිර පළාත් අතර පිහිටා ඇතමෙය මුහුදු මට්ටමේ සිට මීටර් 152 උසින් පිහිටා ඇතවිල්පත්තු යන නමෙහි තේරුම ගත් විට එය ”විල් සහිත බිමක්” ලෙස දැක්විය හැකභූගෝලීය ලෙස ගත්විට මෙය වර්ග සැතපුම් 425 ප්‍රමාණයක පැතිරී ඇති අතර මෙම ප්‍රදේශයේ ඇති විශාලතම වනෝද්‍යානය ලෙසද සැලකිය හැකමෙය අක්කර වලින් ගත්විට 131, 693 පමණ විහිදී ඇත අතර 1905 සිට සිට අභය භූමියක් ලෙස නම් කරන ලදිමෙහි දේශගුණය ගැන බලන විට එය තරමක් ඝන වියළි කලාපීය කලාපයක් වේඑමෙන්ම සුදු වැලි සහිත ඉවුරු වලින් යුත් ගලායන විල් මෙම කැලය තුළ පිහිටා ඇතඅතිවිශාල ගණයේ ශාක වර්ග සහ මුවෝඅලිඌරන්දිවියන්වලසුන් යන වන සතුන්ගෙන්  මෙම වනය ගහන වී ඇතවිල්පත්තු කැලය තුළ සිටිනා දිවියන් ගණන තවමත් නිශ්චිතව ගණනය කර නැතදිවියන්ගේ ගහනය නිසා මෙම වනෝද්‍යානය ලෝකයේ හොඳම ජාතික වනෝද්‍යානය අතරින් එකක් බවට පත්ව ඇත.
දේශගුණය පිළිබඳ ගැන සලකන විට මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ආසන්න ලෙස සෙඅංශක 27.2 පමණ වන අතර වර්ෂාව ආසන්න ලෙස මිලි මීටර් 1000 කට ආසන්න ප්‍රමාණයක් වේසැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වු කාල සීමාව විල්පත්තු වනයට වැසි ලැබෙන කාලසීමාවන් වේඅන්තර් මෝසම් වැසි මාර්තු , අප්‍රේල් යන කාල අතර ලැබේමැයි සිට සැප්තැම්බර් මුල දක්වා කාලය පුරා නියඟය පැතිර පවතී.
විල්පත්තු වනය විල්ලූ සහ විල් වලින් ගහනව පවතිආසන්න ලෙස විල් සහ වැව් 60 ක් පමණ මෙහි ඇති බවට සොයාගෙන ඇතමෙම උද්‍යානයනයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස මෙය සැලකිය හැකමෙම විල් වැසි ජලයෙන් පිරී ඇති පැතලි බේසම් ආකාරයෙන් යුක්ත වේමෙහි බටහිර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වට වී ඇත්තේ කැලයෙනිමේවා පළුමිල්ලවීරකළුවරවේවරණ යන විශාල ගස් වලින් යුක්ත වේ
විජය කුමරුන් ගොඩ බස්නා ලදැයි කියැවෙන තම්බපණ්ණිය හෙවත් කුදිරමලේ තුඩුව විල්පත්තුවේ තවත් එක් ආකර්ෂණීය ස්ථානයකිකුදිරමලේ තුඩුවේ භූ විෂමතාවය කාගේත් නෙත් සිත් ඇදගනු ඇත්තේ එහි වූ ගල් තලාවේ ස්වභාවයත් මුහුදට මායිම්ව අති අඩි 20 පමණ දළ බෑවුමත් නිසායනොගැඹුරුසුපැහැදිලි මුහුදේ විවිධාකාර මත්ස්‍ය විශේෂ ගැවසෙන අයුරු දක්නට හැකියකෙටි දුරක් උතුරට පාගමනින් ගිය විට විචිත්‍ර වෙරළ තීරයකට ළඟා විය හැකි අතර එහිදී ස්නානයටද අවකාශ හිමි වේවන රජදහන තුල අනේකවිධ නටඹුන් දැකිය හැකි අතර  අතරින් කුවේණි මාළිගය ප්‍රමුඛස්ථානයක් ගනීවිශේෂයෙන්ම විජයාගමනය ආශ්‍රීත කාල වකවානුව තුල මෙම ප්‍රදේශය යක්ඛ ගෝත්‍රිකයන්ගේ මර්මස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකියමීට අමතරව ප්‍රාග් ඓතිහාසික වැදගත්කමකින් යුතු පොම්පරිප්පුවද විල්පත්තුව තුලම පිහිටා ඇත.

පිවිසුම් මාර්ගය
වනෝද්‍යානය පිවිසුම පිහිටියේ පුත්තලම අනුරාධපුර  12 මාරර්ගයේ පුත්තලමේ සිට කි.මි. 30ක් පමණ ගිය තැන නොච්චියාගම නගරයට පෙරාතුව අනුරාධපුරයේ සිට නම් පුත්තලම පාරේ කි.මි.40ක් පමණ ගොස් නොච්චියාගම පසු වූ පසුව විල්පත්තු හන්දියෙන් වමට හැරී කි.මී 7ක් ගිය තැනය.




No comments:

Post a Comment

popular posts