Friday, June 30, 2017

                                                          
අභයගිරිය ස්ථූපය ලංකාවේ දෙවැනි විශාල ස්ථූපය වන අතර වලගම්බා රජු විසින් ක‍්‍රිස්තු පූර්ව 1 වන සියවසේ නිර්මාණය කරන ලදී. අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාඳී  වැට සහ සඳකඩ පහණ යනාදිය පිරිවරා අභයගිරි දාගැබ ඇත. අභය දාගැබ වටා උතුරු ආශ‍්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරාරාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප‍්‍රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ  නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි  ඇරඹුනු එය පළමු ශතවර්ෂය වනවිට මුලූ ලෝකයේම උගතුන්ගේ ආකර්ශනයට ලක් වූ සියලූ බෞද්ධ දර්ශනයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය.

අභයගිරිය ස්ථූපයයේ වර්තමාන උස අඩි 235කි. පාදම්භයේ විශ්කම්භය අඩි 310කි. රජුට අපහාස කළ ගිරි නම් නිගණ්ඨයාගේ ආරාමය බිඳ දමා එතැන ඉදිකළ නිසා ගිරි යන කොටස ත් සිය නමෙහි කොටසක් වු අභය යන කොටසක් එක්කොට මේ නාමය තැනූ බව මහාවංසය ඇතුළු වංසකතාවල සඳහන් වෙයි.

පිවිසුම් මාර්ගය
අනුරාධපුර නගරයට පැමිණ අනුරාධපුර පොලිසිය අසලින් ඇති සිත්තම්පලම් මාර්ගයේ දිගටම ගමන් කිරීමේදී ඔරලෝසු කනුව අසල වට රවුමෙන් දිගටම ගමන් කර  ශ‍්‍රි මහා බෝධි පාරේ ගමන් නොකර දිගටම ගොස් හමුවන වට රවුමෙන් දකුණට හැරී අභය වැව දිගේ ගොස් රුවන්වැලිසෑය දෙසට නොහැරී ඉදිරියට යන විට ථූපාරාමය හමුවෙයි.
ථූපාරාම ස්ථූපය ඉදිරිපසින් වමට හැරී ගමන් කරන විට හමුවන හන්දියෙන් වමට හැරී ගමන් කරන්න. ටික දුරක් යන විට හමුවන හන්දියෙන් දකුණට හැරී ගමන් කරන විට අභයගිරි ස්ථුපය හමුවේ.





No comments:

Post a Comment

popular posts