ශ‍්‍රී ලංකාවේ පැවති
ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්, කුවේරයා මෙන්
විසිමට තැනු දෙවන ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද සලකනු ලබයි.
ධාතුසේන රජු මරුමුවට
පත් කළ කාශ්‍යප ඉන්දියාවට පැනගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට ඒ යැයි
බියෙන් සීගිරිය නම් ශේෂ කන්ද තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්වේ.
සීගිරි ගල්පර්වතය නැගෙනහිර දෙසින් සිංහයකුගේ පූර්ව ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ
ඉහළ මාලයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි.එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද
හමුව තිබේ.ඒ අනුව සීගිරිය හැදින්වීමට සිංහගිරිය යන නම් භාවිතා කළ බව පැහැදිළිය.
කාශ්‍යප රජු සිගිරි
රාජධානිය ගොඩනගා ගැනීමේදී එම ප‍්‍රදේශයේ සිටි භික්ෂූන්ට පිදුරන්ගල විහාරය පූජා කර
සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා ගත්බව සදහන්ය. නමුත් භික්ෂූන් ඉවත් කිරීම
තිසා කාශ්‍යප රජු සමග භික්ෂූන් උරණව සිටි බව සදහන්ය. කාශ්‍යප මරුමුවට පත්කළ මුගලන්
කුමරු ලෞකික සැප සම්පත්වලින් පිරුණු සීගිරිය තම රාජධානිය ලෙස තෝරානොගෙන භික්ෂූන්
වහන්සේලාට පූජාකොට නැවත අනුරාධපුරය සිය රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්ය.
සීගිරිකැටපත් පවුරේ
ලියවී ඇති කුරුටු ගී වැඩි ප‍්‍රමාණයක් ක‍්‍රි.ව.8,9 කාලයේ ලියවී ඇත. එනම්
අනුරාධපුර යුගයේ අගභාගයේ ලියවී ඇත. එමෙන්ම ක‍්‍රි.ව. 10,12 ශත වර්ෂවල
එනම් පොළොන්නරු යුගයේ ලියවුණු සීගිරි කුරුටු ගී ද කැටපත් පවුරෙන් හමුවී තිබේ. ඒ
අනුව අනුරාධපුර හා පොළොන්නරු යුගවල සීගිරිය ජනප‍්‍රිය නැරඹීමේ මධ්‍යස්ථානයක්ව පැවත
ඇත.
සීගිරි පුරාභූමිය ජල
උද්‍යානය,ශිලා උද්‍යානය ,මාලක උද්‍යානය ලෙස කොටස් තූනකට බෙදා තිබේ. ජල පවුරෙන්
අනතුරුව හමුවන පවුරෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට
පිවිසේ.එහි වැඩි වශයෙන් පොකූණු දක්නට ලැබෙන හෙයින් එම කොටස මාලක උද්‍යානය ලෙස
හැදින්වේ.එහි ගස් ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක‍්‍රමානුකූල
සැලැස්මකට අනුව සමාන්තර ලෙස ගොඩනැගිලි හා පොකූණු ඉදිකර තිබෙන බැවින් එම කොටස
සමමිතිකානුකූල සැලැස්ම ලෙස හැදින්වේ.
ඉන් අනතූරූව
පිවිසෙනුයේ ශිලා උද්‍යානයටයි. එම කොටස ශිලා උද්‍යානය ලෙස හදුන්වා ඇත්තේ වැඩි
වශයෙන් ගල් පර්වත වලින් යුතු බැවිනි.එමෙන්ම එම කොටසේ පැවති ගස් ගල් පර්වත ආදී
කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරයක් ලෙස යොදාගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන
බැවින් එම කොටස ස්වභාවික සැලැස්ම ලෙස හැදින්වේ.
අනතූරුව පිවිසෙන ඉහළ
කොටස මාලක උද්‍යානය ලෙස හැදින්වේ.එහි දක්නට ලැබෙන ප‍්‍රධාන පුරාවිද්‍යාත්මක නටඹුන්
අතර සීගිරි විත‍්‍ර, කැටපත් පවුර,සිංහ පාද,ප‍්‍රධාන
මාලිගය සහ ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක සහ ගල් ආසනයද වැදගත් වේ.සීගිරියට
පිවිසීමට බටහිර දිග දොරටුව හැරුනුවිට නැගෙනහිර දකුණු උතුරු දෙසින්ද දොරටු පිහිටා
තිබූ බවට සාධක තිබේ.
ආලකමන්දාවක් යයි
කීමේදී සීගිරි චිත‍්‍ර ඉතාමත් වැදගත්ය. ක‍්‍රි.ව.8 දී චිත‍්‍ර 502ක් පැවති බව
සදහන් වුවද අද දක්නට ඇත්තේ චිත‍්‍ර 22ක් පමණි.මෙම චිත‍්‍ර ප‍්‍රධාන ලෙස බටහිර ගල්
පර්වතය දිගේ දක්නට ලැබේ. තවද නයිපෙන ගුහාව,වතුර බක්කිගල ගුහාව,දැරණියගල
ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ. චිත‍්‍ර ඇදීමේදී තලය සදහා මී පැණි,හුඹස් මැටි,දහයියා මිශ්‍රණයක්
යොදාගන තිබේ.වර්ණ සැකසීම සදහා ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය
යොදාගෙන ඇත. සීගිරි චිතවල දැකියහැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප
පමණක් පැවතීමයි.
No comments:
Post a Comment