Friday, August 11, 2017

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය ලෙස හඳුන්වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අගනගරය අනුරාධපුරයයි. ශ‍්‍රී අනුරපුරවරය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආදර ගෞරවයට පාත‍්‍ර වී තිබෙන පුරවරයකි. පෙර හෙළ රජ දරුවන් දිවි පරදුවට තබා අහස උසට ඉදි කළ දාගැබ් හා විහාර කර්මාන්ත තවමත් මෙහි නොනැසී පවතී.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ නෙල්ලිකුලමේ පිහිටි සිරි සම්බුද්ධ පංචසතික ශ‍්‍රාවක චාරිකාරාමය ලංකාවේ පළමු එළිමහන් විහාරස්ථානය වශයෙන් සළකනු ලබයිබුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා ගම් නියම් ගම් සැරිසරමින් අනුරාධපුරයට වැඩම කරන ආකාරය මෙහි නිරූපණය කර තිබේඒ හැම ප‍්‍රතිමාවකම විශේෂත්වය වන්නේ ජීවමාන මිනිස් ප‍්‍රමාණයෙන් ඉදිවීමයි. ප‍්‍රතිමාවල මුහුණුවලද චරිතාංග විවිධත්වය ඇතිවන පරිද්දෙන් වෙනස් කර තිබීම විශේෂත්වයකි. ඈතින් සිට බලන්නෙකුට පෙනී යන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පන්සීය නමක් සමඟ මහ වනය මැදින් ගමන් අරඹා ඇති බවයි.

එහි ඇති යෝධ පර්වතය ඇතුළත ලෙන් ගණනාවක ලංකා භික්ෂු භික්ෂුණි ශාසන පිහිටුවීමදළදාගමනයනියත විවරණ දීමමිනිස් දිවියේ දශක දහය හා බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක‍්‍රියාව පිළිබිඹු කෙරෙන නිර්මාණය ඉදිකර ඇත. මෙම නිර්මාණය පිටතින් පෙනෙන්නේ මහ කළු ගලක් සේ වුවද ඇතුළත ගල්ලෙන් විහාර ද ඉදි කර තිබේ. මෙම විහාර සංකීර්ණය අක්කර 10 ක පමණ භූමි භාගයක විසිරී පවති.
             



                     








No comments:

Post a Comment

popular posts