Friday, June 30, 2017

රාවණ රාජ පරම්පරාවට අයත් ඉසුරුමත් මුණිවරයාගේ බිම හෙවත් ඉසුරුමුණිය අප හෙළ ඉතිහාසයට ඉතා වැදගත් ස්ථානයකි. වෛශවන ගිරිය ලෙසට නම් ඉසුරුමුණිය වන රාවණයන්ගේ පියා ගේ නිවසයි. එනම් කුඩා රාවණයන් හැදී වැඩෙන්නේ මේ පරිසරය තුලයි. පසු  කලෙක අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙහි විහාරයක් කරවන ලදි. ඉතා ඉසුරුමත් මුණිවරයෙකු වු වෛශවන පුලතිසි පුරවරයේ සිටි පුලස්තියා හෙවත් පුලස්ති ඍෂි වරයාගේ පුත‍්‍රයායි. පුලස්තියා රාවණයන්ගේ සීයාය.
පසුකලක මේඝගිරි විහාරය ලෙස නම් වු මෙම ස්ථානය පසුව ඉසුරුමුණි විහාරය ලෙස ප‍්‍රසිද්ධව ඇත. කාශ්‍යප රජු විසින් මෙම විහාරය පිළිසකර කොට බෝඋපුල්වන් කසුබ්ගිරි රජමහා වෙහෙරනමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. මෙම විහාරය දක්ඛිණ ථුපයටත් රන්මසු උයනේ නැගෙනහිර දොරටුවටත් අතර තිසාවැව අයිනේ පිහිටා ඇත. ඉසුරු කුලයෙන් පැවැදි වු සඝරුවන වන පන්සියක් භික්ෂුන් වහන්සේලා මෙහි විසු බැවින් සහ ඉසුරුමත් මුනිගේ පැරණි නිවස නිසාම ඉසුරුමුණිය ලෙසට වඩා ප‍්‍රසිද්ධ විය.


ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් මෙහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. දොරටුවේ මකර තොරණ ඇතුළේ ඇති ප‍්‍රතිමා වලට වඩා පැරණි බව පෙනේ. මෙම විහාරයට පිවිසෙන දොරටුවේ යටම ඇති සදකඩ පහණ, මුරගල් හා කොරවක් ගල් කැටයම් සහිතය. පොකුණක සිට මතුවන ආකාරයක් නිරූපණය වන ඇත් රූප කොරවක් ගල් දෙපැත්තේ නෙලා ඇත. විහාරයට දකුණින් පොකුණ පැත්තේ ඉහළ අශ්ව හෝ ගව හිසක් හා මිනිස් රුවක් වෙයි. ගල් පුවරුවක නෙලන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඇගේ කෝල බව ප‍්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ ඉසුරුමත් මුණි වෛශවණ සහ ඔහුගේ බිරිද යන දෙදෙනා යයි සිතිය හැක.







No comments:

Post a Comment

popular posts